top of page

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඊලොන් මස්ක්ට නව තනතුරක්



අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් Elon Musk ට  නව තනතුරක් ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා "Department of Government Efficiency" යනුවෙන් දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානියා ලෙස Elon Musk ව පත් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුට අමතරව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයෙකු වූ Vivek Ramaswamy ද මේ සඳහා පත්කර තිබෙනවා. ඒ අනුව මහා පරිමාණ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මෙහෙයවන්නේ කෙසේද යන්න පිළිබඳව ධවල මන්දිරයට බාහිර උපදෙස් ලබාදීම මෙහි අරමුණ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page