top of page

ඩෑන් ප්‍රියසාද්ට වෙඩි



ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. වෙඩි ප්‍රහාර 4ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බව වාර්තා වෙයි. ඔහු ජීවිතක්ෂයට පත් වූ බවට වාර්තා වී තිබුණ ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව පැවසුවේ ඔහු මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය සිදුකරයි.


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page