top of page

තලපති විජේගේ 'මහ ඇමති' සිහිනය කල් යයි

TVK පක්ෂයේ නායක සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ අද (07) තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුණද එය අද සිදු නොවන බව ඉන්දීය වාර්තා සඳහන් කළා.

ඒ, තමිල්නාඩුවේ බලය පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව විජේගේ පක්ෂයට මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්. විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයින් ඊයේ තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවූ අතර, එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය බහුතරය පෙන්වන ලෙසටයි.

මේ අතර, තමිල්නාඩුවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා තලපති විජේගේ නායකත්වයෙන් යුත් TVK පක්ෂය වෙත සිය පූර්ණ සහයෝගය ලබා දීමට ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ඊයේ තීරණය කළා.

කොංග්‍රස් පක්ෂයට තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 5ක් හිමි වුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page