top of page

තැපැල් ඡන්ද භාවිතය 80% ඉක්මවයි



ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසයි.අද (06) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවය.

2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද දායකයින් 712,319 දෙනෙකු මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.  ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද තෙවැනි දිනටත් පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්විය. ඊයේ මෙන්ම අදත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවූයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, සෙසු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ ගුරුවරු ඇතුළු සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය සඳහාය. මේ අතර අද ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 11, 12 යන දෙදින අතිරේක දින දෙකක් ලෙස හිමි වෙයි. ඔවුන්ට එම දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page