තුර්කි හෝටලයක ගින්නකින් 66ක් ජීවිතක්ෂයට
- News Room
- Jan 22
- 1 min read

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත් පුද්ගලයින් 51දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. මහල් 11ක් සහිත එම හෝටලයේ 04 වැනි මහලේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි පැවසෙන්නේ. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 30ක් යොදවා තිබූ ඇති අතර ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
Commentaires