top of page

තුර්කි හෝටලයේ ඇති වූ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 76 දක්වා ඉහළට



තුර්කියේ ජනප්‍රිය ස්කී රිසෝට් හෝටලයේ ඊයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 76 දෙනෙකු මිය ගොස් තවත් 51 දෙනෙකු තුවාල ලැබුවා. මහල් 12කින් යුත් එම හෝටලයේ ගින්න ඇති වන අවස්ථාවේදී පුද්ගලයින් 234 දෙනෙකු රැඳී සිටි ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ගින්න නිවා දැමීමට පැය 12ක කාලයක් ගත වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් හිමිකරු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගින්නට හසුව මියගිය පිරිස අතර ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් මෙන්ම ලේඛකයින් ද සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැහැ.


Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page