තෙල් මිල ඉහළ යාම තාවකාලිකයි; ඩොනල්ඩ් ට්‍රම්ප්
- News Room
- Mar 9
- 1 min read

යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළ යාම තාවකාලික තත්ත්වයක් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
"තෙල් මිල ඉහළ යාම කෙටි කාලීනයි. ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් වූ වහාම තෙල් මිල නැවතත් ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති" යැයි සිය Truth ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
සාමය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් ඇමෙරිකාවට සහ ලෝකයට සිදු කිරීමට ඇත්තේ සුළු මූල්‍යමය කැපකිරීමක් පමණක් බවත්, ඒ ගැන වෙනස් ආකාරයෙන් සිතන්නේ අඥානයන් පමණක් බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.




Comments