දකුණු ඔස්ට්‍රේලියාවේ ගුවන් අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
- News Room
- Apr 29
- 1 min read

දකුණු ඔස්ට්‍රේලියාවේ පැරෆීල්ඩ් ගුවන්තොටුපළේදී ගුවන්යානා අංගනයකට කුඩා ගුවන්යානයක් කඩාවැටී අද (29) අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස්, තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය පවසයි. අනතුරට පත් වී ඇත්තේ 'Diamond DA42' වර්ගයේ එන්ජින් 2ක් සහිත සිව්දෙනෙකුට ගමන්කළ හැකි කුඩා ගුවන් යානයක්ය.
අනතුරත් සමග යානය ගිනිගෙන ඇති අතර, මේ වනවිට එම ගින්න නිවාදමා තිබේ. කෙසේ නමුත් අනතුර හේතුවෙන් ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදැමීට එහි බලධාරීන් පියවරගෙන ඇත. එමෙන්ම ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවද සඳහන්ය.




Comments