දහම් පාසල් ගුරුවරුන්ට නිවේදනයක්
- News Room
- Mar 26
- 1 min read

2025 දහම් පාසල් ගුරු විභාගයේ අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේය. ඒ අනුව අදාළ අයඳුම්පත හා තොරතුරු https://forms.office.com/r/DMfuCsHLWx වෙතින් පිවිස ලබාගත හැකි ය.
දහම් පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන දහම් ගුරු භවතුන්ගේ අධ්‍යාපන තත්ත්වය නංවාලන්නට හා උසස් අධ්‍යාපන වරම් හිමිකරදීමට දහම් පාසල් ගුරු විභාගය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.
Commenti