top of page
News Room

දුක් විඳ ලබාගන්නට සිදුව ඇති විදෙස් ගමන් බලපත්‍ර



බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිස එහි රැඳී සිටිනු ඊයේ (27) රාත්‍රී කාලයේද දක්නට ලැබුණි. 

මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ඇති හිස් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.

එහා පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සදහන් කළේ පවතින තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සදහා අයදුම් කරන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවය.

දැනට විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන අදාළ සමාගමෙන් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති අතර එම බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව එම දෙපාර්තමේනතුව සඳහන් කළේය.

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page