දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව වැඩි කරයි
- News Room
- Jan 14
- 1 min read

දෛනිකව නිකුත් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල සඳහන් කරනවා. එහිදී ඔහු සඳහන් කළේ මෙතෙක් දෛනිකව නිකුත් කළ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1,200ක් බවත් එම ප්‍රමාණය මෙලෙස 2,500 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.
එමෙන්ම, යම්කිසි අයෙකුට හදිසි අවශ්‍යතාවයක් මත විදේශගත වීම සඳහා අවශ්‍ය වුවහොත් ඒ සඳහා ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමටද වෙනම කවුළුවක් ස්ථාපිත කර ඇති බව ඔහු සඳහන් කළා.
එහිදී ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්‍ර ඒ සඳහාම වෙන්කළ කමිටුවක් මගින් සලකා බැලීමෙන් අනතුරුව එම පුද්ගලයා සඳහා කඩිනමින් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Comments