top of page

දියවඩන නිලමේවරයාගේ ධුර කාලය සැප්තැම්බර් මාසයෙන් අවසන්



මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල 2005 වසරේ එම ධූරයට පත්වූ අතර පසුව අවස්ථා 2 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත්ව තිබුණා. දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10 ක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page