top of page

දීර්ඝ සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවා



දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දිනවලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වෙනුවෙන් අමතර බස් රථ 60ක් පමණ අමතරව යොදා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ. එම බස් රථ අද (13)වැනිදා සිට ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ. මේ සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අද (13)රාත්‍රියේ සහ හෙට (14) උදෑසන බදුල්ල - කොළඹ විශේෂ දුම්රිය ධාවනයට යොදා ඇති බවයි.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව කාල සටහනකින් තොරව අමතර බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි පවසන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page