දිවයින පුරා වායු ගුණ තත්ත්වය අහිතකර මට්ටමක
- News Room
- Jan 28
- 1 min read

දිවයින පුරා පවතින ගුණාත්මකභාවය, වායු ගුණාත්මක දර්ශකයේ 58 ත් 120 ත් අතර පරාසයක පවතිනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. නමුත්, යාපනය, කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව සහ අනුරාධපුර යන ප්‍රදේශවල එම අගය එතරමක් සෞඛ්‍ය සම්පන්න මට්ටමක නොමැති බව සඳහන් වේ. අනෙකුත් ප්‍රදේශවල මධ්‍යස්ථ මට්ටමක පවතිනු ඇති බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Comments