දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 10 දක්වා යළි රිමාන්ඩ්
- News Room
- Apr 3
- 1 min read

තාවකාලික වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 10 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අනුව අද (03) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2023 දෙසැම්බර් 31 වනදා මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ W15 හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව, මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබෙනවා.
Comments