දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අනතුරු ඇඟවීම්
- News Room
- Feb 22
- 1 min read

මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩුදුම්බර සහ ගඟ ඉහළ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ ඊට අයත්.
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශද මේ සඳහා ඇතුලත්. මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගඟ කෝරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශවලට මෙම ඇනතුරු ඇඟවීම ක්‍රියාත්මකයි.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප්‍රදේශවලට මෙම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.




Comments