ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම හදිසියේ ගිනි ගනී
- News Room
- Jan 21
- 1 min read

බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝගාමී දුම්රියයේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානයේදී ගිනි ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (20) පස්වරුවේ පැවසීය. එම ගින්නෙන් කිසිවකු හානියක් වී නොමැති බවත් මෙම සිද්ධිය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
Comments