නව කථානායක ධූරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට
- News Room
- Dec 16, 2024
- 1 min read

ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කිරීමට තීරණය කර තිබේ. වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇති වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛාව 51391කි. අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් කථානායක ධුරය පුරප්පාඩු විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී පත්කර ගැනීමට නියමිතව පවතී.
댓글