නව ජනපතිට ලෝක බැංකුවෙන් සුභ පැතුම්
- News Room
- Sep 27, 2024
- 1 min read

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කර ඇත.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික් කලාපීය උප සභාපති රිකාර්ඩෝ පුලිටි විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවුඩයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ සංවර්ධනය සඳහා අඛණ්ඩ සහාය ලබා දෙන බවට ද සහතික වී තිබේ.
රට තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීමට මෙන්ම සියල්ල ඇතුළත් වර්ධනයක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නව පරිපාලනයේ නායකත්වයට ලෝක බැංකු සමූහයේ සහාය ලබාදීමට කැපවන බවද සුබපැතුම් ලිපියෙන් සඳහන් කර ඇත.
Comments