top of page

නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර භාර දෙති

News Room


ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර බාර දුන්හ.

ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපතිවරයා ලෙස ඇඩෙල් ඊබ්‍රාහිම් (Adel Ibrahim) මහතාද, ජපානයේ නව තානාපතිවරයා ලෙස ඉසොමතා අකියෝ (ISOMATA Akio) මහතා ද මෙලස පත්ව සිටින අතර ඔවුහු සිය අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහකට ද එක් වූහ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page