top of page

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාපාට



තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ. 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 2ක් හිමිකර ගත්තේය.

ඉන් එක් ආසනයක් සඳහා මීට පෙර රවී කරුණානායක මහතාව පත් කෙරුණි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ මහ මැතිවරණය සඳහා තරඟ කළේය. මේ අතර හිටපු විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාව පාර්ලිමේන්තුවට පත්කරන ලෙසද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බලධාරීන්ගෙන් විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළහ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page