අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින්.
එම තනතුරු පහතින් දැක්වේ.
අග්‍රාමාත්‍ය ලේකම් - ජී.ජී සපුතන්ත්‍රී
අමාන්‍ය මණ්ඩලයේ ලේකම් - ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු
ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් - කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර
මුදල්,ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාද,සැලසුම් සහ සංචාරක අමාත්‍යංශ ලේකම් - කේ.එම්.එම්.සිරිවර්ධන
විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් - අරුණි විජේවර්ධන
අධ්‍යාපන,විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශ ලේකම් - ජේ.එම්.ටී.ජයසුන්දර
කාන්තා,ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් - කේ.මහේසන්
වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා,සමූපාකාර සංවර්ධන,කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් - එම්.එම්.නයිමුද්‍රීන්
ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශ ලේකම් - ඒ.එම්.ජී.එම්.බී.අතපත්තු
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් - පාලිත ගුණරත්න මහීපාල
අධිකරණ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ලේකම් - ඩබ්ලිව්.ජී.පී යසරන්න
පරිසර,වනජීවී,වන සම්පත්,ජල සම්පාදන,වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් - බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ ලේකම් - එම්.පී.එන්.එම් වික්‍රමසිංහ
ආරක්ෂක අමාත්‍යංශ ලේකම් - එච්.එස්.එස්.තුයියකොන්තා
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් - ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ අරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් - රංජින් ආරියරත්න
බලශක්ති අමාත්‍යංශයේ ලේකම් - මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල
Comments