top of page

නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට



පිටිගල මාරක්ගොඩ ප්‍රදේශයේදී නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

පුද්ගලයින් පස්දෙනෙක් අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර අනෙක් පුද්ගලයන් තිදෙනාද බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඊයේ (11) රාත්‍රියේ මිතුරෙකු විසින් රැගෙන ආ අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර පසුව ඔවුන්ට ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ මත්පැන් වර්ගය කුමක්දැයි මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page