top of page

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට (2) තැපැල් දෙපාර්තමේන්තුවට



සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම හෙට (02) දිනයේ සිදු කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති අර්.එම්.ඒ.එල් රත්නායක කියා සිටියේ පසුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම නිසිපරිදි සිදු කරනු ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ කිසියම් සන්දේශයක් සිය ඡන්දදායකයින් වෙත නොමිලේ බෙදා හැරීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

මැතිවරණ පනත ප්‍රකාරව එය සිදු වන අතර එක් අපේක්ෂකයෙකුට එලෙස සංදේශ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශ යොමු කළ හැක්කේ, එක් ඡන්ද දායකයෙකු සඳහා පමණයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page