top of page

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ලබන මස මුලදී



ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදාහැරීම ලබන මස මුලදී ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක ප්‍රකාශ කළා.

මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, දළ වශයෙන් මෙවර නිල ඡන්ද පත්‍රිකාව අඟල් 27ක් පමණ දිගකින් යුක්ත බවයි.

එමෙන්ම තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතනවලට ලබාදීම එළඹෙන 26 වැනිදා ආරම්භ කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page