top of page

නෙළුම් කුලුන මහජනතාවට විවෘත වන වේලාව දීර්ඝ කරයි


ree

නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කිරීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 25 සහ 26 යන දෙදින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වාත්, දෙසැම්බර් 27 වනදා පෙරවරු 9 සිට රාත්‍රි 11 දක්වාත් නෙළුම් කුලුන විවෘතව තැබෙනු ඇති.

මීට අමතරව දෙසැම්බර් 31 වැනිදා සහ ජනවාරි 01 වැනිදා යන දින දෙකෙහිම පෙරවරු 9 සිට පසුදින අලුයම 1 දක්වා නෙළුම් කුලුන විවෘතව තැබීමට නියමිතයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page