top of page

පවතින විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව විසඳෙන දවස


ree

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින හිස් විදේශ ගමන් බලපත්‍ර සීමා සහිත වීමෙන් අද සිට පැමිණෙන පිළිවෙලට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

750 දෙනෙකුට පමණ අද විදේශ ගමන් බලපත්‍ර ලබාදීම වෙනුවෙන් ටෝකන් නිකුත් කර තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ සිට අද උදෑසන දක්වා විශාල පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් එම ස්ථානයේ රැදි සිටින අයුරු ද දක්නට ලැබුණා.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියා සිටියේ ඔක්තොම්බර් 16 වනදායින් පසුව මෙම ගැටලුව විසදෙනු ඇති බවයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page