පස් හැවිරිදි දැරිය පිලිස්සූ මව අත්අඩංගුවට
- News Room
- Sep 30, 2024
- 1 min read

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක සිටින තිස් හැවිරිදි කාන්තාවක පොලිසිය මගින් එසේ අත්අඩංගුවට ගෙන තිබේ. එම දැරිය පෙරපාසල් යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එසේ ඇයගේ මව විසින් හැන්දක් රත්කොට බරපතළ ලෙස පුළුස්සා ඇති බව පොලිසිය කියයි. තුවාල ලැබූ දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති අතර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.






Comments