පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා ඡන්ද ගැන මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡා
- News Room
- Nov 18, 2024
- 1 min read

මැතිවරණ කොමිෂන් සභාව මේ මස 27 වනදා යළි රැස්වීමට නියමිතයි. මෙම රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවට පත්වනු ඇති.
මේ අතර එළැඹෙන පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා වන මුල්‍ය අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමට ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව ද වාර්තා වනවා.
ලබන මාසයේ දී මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මැතිවරණ සඳහා මුදල් වෙන් කිරීමට තීරණය කළ ද මැතිවරණ පවත්වන දිනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන
නොමැත.
Comments