top of page

පාකිස්ථානයේදී චීන ජාතිකයින් පිරිසකට ත්‍රස්ත ප්‍රහාරයක්



පාකිස්තානයේ කරච්චි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ සිදුවූ විශාල පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ එය ත්‍රස්ත ප්‍රහාරයක් බවයි. ඉන් තවත් 10 දෙනෙක් තුවාල ලබා තිබේ. මේ අතර පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ එම ප්‍රහාරය එල්ලකර ඇත්තේ එරට සින්ද් ප්‍රාන්තයේ ක්‍රියාත්මක වන විදුලිබල ව්‍යාපෘතියක සේවය කරන චීන ඉංජිනේරුවන් රැගත් රථ පෙළකට බවයි. BLA නම් ත්‍රස්ත සංවිධානය එම ප්‍රහාරය සඳහා වගකීම බාරගෙන ඇති බව සඳහන් වෙයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page