top of page

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අනුමැතිය



පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (23) හිමිව ඇත. පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව මත පදනම්ව නව පනත් කෙටුම්පත සකස් කළ බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසීය.

එම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවූ බව අමාත්‍යාංශය පවසයි. පනත් කෙටුම්පත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත සංශෝධනය කිරීමෙන් පසු මැතිවරණ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

එම කටයුතු අවසන් වීමෙන් පසු වහාම මැතිවරණ දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව ඔහු කීවේය. පළාත් පාලන මැතිවරණය සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට කටයුතු කරන බව මහතා පසුගියදා මහනුවරදී ප්‍රකාශ කළේය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page