top of page

පුද්ගල ආදායම් බද්ධ ගැන රජයෙන් තීරණයක්



මෙම වසරේ බදු ආදායම පෙන්නුම් කරන ලද ශක්තිමත් කාර්ය සාධනය හේතුවෙන්, පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් ලක්ෂ 05 සිට රුපියල් හත් ලක්ෂ 20,000ක් දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා කර ඇත. 

පසුගිය සමයේ සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින් මෙම යෝජනාව සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එම යෝජනාව සඳහා IMF විසින් සංශෝධන ඉදිරිපත් කර ඇති අතර පහළ බදු මට්ටම්වලට අයත් පිරිස සඳහා වැඩි සහනයක් ලබා දීම, මධ්‍යම මට්ටමට ද ඒ හා සමාන සහන සලසමින්, ඉහළ ආදායම් ලබන්නන් සඳහා තරමක් අඩු සහන ලබාදීමට මෙන්ම මෙම යෝජනාවේ හරය නොවෙනස්ව තබා ගැනීම ඊට අයත් වේ. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page