top of page

පානදුරේ ගොඩනැගිලි 5ක් එකවර කඩා වැටෙයි



පානදුර ජනප්‍රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි කඩ කාමර පහක් එකවර කඩා වැටීමෙන් දන්ත වෛද්‍ය වරියක ඇතුළු තිදෙනෙකු  දිවි බේරාගෙන  ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. මෙසේ දිවි බේරාගෙන ඇත්තේ එම ගොඩනැගිල්ලේ පහත මාලයේ දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන යන දන්ත වෛද්‍ය වරියක සහ ඇයගේ දියණිය සහ පුත්‍රයා බව පොලිසිය කීය.

ගොඩනැගිල්ල මුළුමනින්ම බිමට පහත්වී තිබූ අතර, එහි සිටී වෛද්‍ය වරිය ඇතුළු තිදෙනා ඉවතට පැන ඇති බවත් අසල සිටී අයෙක් පැවසීය. මෙම ගොඩනැගිලි කඩා වැටීමත් සමඟම ඒ ආසන්නයේ ගාලු පාර ඇතුළු  මීටර් ගණනාවක දුරක් දුමාරයක් මෙන් දූවිල්ලෙන් වැසී ගොස් තිබේ. පානදුර ජනප්‍රිය මාවතේ එක්පසක කානු පද්ධතිය සුද්ධ පවිත්‍ර කිරීම සඳහා නගර සභාවේ අධීක්ෂණය යටතේ දහවල් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් එම කානු ශුද්ධ පවිත්‍ර කල බවද සදහන් වේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page