top of page

ප්‍රධාන අපේක්ෂකයින් සිය ඡන්දය භාවිතා කරයි


ree

ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අද (21) උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිය ඡන්දය භාවිතා කර තිබෙනවා.


ree

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කර සිටියා.


ree

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ අද පෙරවරුවේදී විරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කර සිටියා.


ree

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයේ සයිකෝජි පෙරපාසල් ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.




Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page