ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්නැයි ඊශ්‍රායලයේ විරෝධතා
- News Room
- Sep 3, 2024
- 1 min read

හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ගිවිසුමකට ඊශ්‍රායල ආණ්ඩුව එකඟ විය යුතු බවට පවසමින් එරට වැසියන් දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් ඊශ්‍රායලයේ ව්‍යාපාර කටයුතු, පාසල්, රථවාහන මෙන්ම ගුවන් ගමන් වලට ද බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ගාසා තීරයේ රඳවා සිටි ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමත් සමඟ මෙම විරෝධතා ආරම්භ කෙරුණා.
Comments