top of page

පෞරාණික ප්‍රතිමා සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට



පෞරාණික වටිනාකමකින් යුත් ප්‍රතිමා සොරකම් කළ හිටපු හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල බද්දේගම සහ මහනුවර ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 39 සහ 25 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

ඉංගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයකින් මේවා සොරකම් කර ඇති අතර ඒ පිළිබඳව ඉකුත් අගෝස්තු 29වනදා ඉංගිරිය පොලීසියට පැමිණිලි කර තිබුණි. දේවාලයේ මුරකරුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් බද්දේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රධාන සැකකරුගේ නිවසේ සඟවා තිබියදී දේව ප්‍රතිමා සොයාගත් බව පොලීසිය පවසයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page