පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිනි අවි ආපසු ගනී
- News Room
- Sep 30, 2024
- 1 min read

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය අදාළ මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු තොරතුරුවල දැක්වුණේ, මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 100කට ආසන්න පිරිසක් එලෙස ගිනි අවි ලබා ගෙන ඇති බවයි.
මන්ත්‍රීවරුන්ට මෙතෙක් දී තිබූ මන්ත්‍රී දීමනා, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු වැනි පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වී තිබෙනවා.
පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිල නිවාස පමණක් මහ මැතිවරණය පැවැත්වෙන දින දක්වා භාවිත කිරීමට අවස්ථාව හිමි වන බවයි.
Comments