top of page

පුරාවස්තු ලබාගැනීමට තැත් කළ 3ක් අත්අඩංගුවට



පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිමඩ පොලිස් වසමේ බලතොටඇල්ල ප්‍රදේශයේදී බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (30) දින සිදුකරන ලද වැටලීමකින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26, 32, හා 56 වයස්වල පසුවන වැලිමඩ සහ මහියංගනය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page