top of page

පිලිපීන හිටපු ජනාධිපති අත්අඩංගුවට

News Room


ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත පිලිපීන හිටපු ජනාධිපති Rodrigo Duterte අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හොංකොං සිට පැමිණි හිටපු ජනාධිපතිවරයා මැනිලා ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

2016 සිට 2022 දක්වා ඔහු බලයේ සිටි කාලයේදී එරට මත්ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා සිදුකළ මෙහෙයුම් අතරතුර පුද්ගලයින් 6000ක් පමණ මියගොස් ඇති අතර, ඔහු නීති විරෝධී ලෙස එම ඝාතන සිදුකර ඇති බවයි ස්වාධීන නිරීක්ෂකයින් පවසන්නේ.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page