top of page

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලංකාවට විශිෂ්ට ජයක්



සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැති දෙවන T20 තරගය ලකුණු 73කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සුපිරි පන්දුයැවීමක නිරතවූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවාගත්තේය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තේය.

පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගත්තේය.

තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 163කි. ශ්‍රී ලංකා පන්දුයවන්නන්ගේ සුපිරි පන්දුයැවීම හමුවේ කොදෙව්වන්ට පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 89ක් පමණි.

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page