බන්ධනාගාර රැඳවියන්ට නිදහස් දිනයේ දී ලැබෙන විශේෂ අවස්ථාව
- News Room
- Feb 2
- 1 min read

නිදහස් දිනය නිමිත්තනෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන පෙබරවාරි 04 දින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ද ලබා දී තිබේ. බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ ඒ අනුව සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන් හිදි සිදු කිරීමට නියමිත බවය.
Comments