බඹර ප්‍රහාරයකට ලක්ව දෙණියායේ පාසල් සිසුන් 100 ක් රෝහලේ
- News Room
- Aug 30, 2024
- 1 min read

දෙණියාය අධ්‍යාපන කලාපයේ පට්ටිගල පර්සි අබේවර්ධන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුන් 100 දෙනෙකු පමණ අද (30) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
එම සිසුන් සියලුදෙනා කඩිනමින් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යවා ඇති බවයි සඳහන් වෙන්නේ.
සිසුන් 70 දෙනෙකු මේ වනවිටත් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙක් සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
පාසල අසල ඉඩමක ගසක තිබූ බඹර වදයක් ඇවිස්සීමෙන් පාසල් සිසුන් මෙන්ම පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්ද මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
Comments