බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60ක් අත්අඩංගුවට
- News Room
- Nov 14, 2024
- 1 min read

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් හය දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙම බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60ක පමණ තොගයක් ඇති බවට නාවික හමුදාව සැකකරයි.
එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර පරික්‍ෂාව සහ ඉදිරී නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටියි.
Comments