top of page

බහුදින යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය කිලෝ 40ක් ; 5ක් දැලේ


ree

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත්බව නාවික හමුදා පවසයි.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 110ක් (කි.මී. 200ක්) පමණ ගැඹුරු මුහුදේදී මෙම විශේෂ මෙහෙයුම ඊයේ (16) සිදුකර තිබේ.

මෙහිදී නාවික හමුදාව විසින් සැකකරුවන් පස් දෙනෙකු සිය භාරයට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 40ක පමණ තොගයක් ඇති බවට නාවික හමුදාව සැක කරයි.

එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර පරික්‍ෂාව සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් තිබේ.

Comments

Couldn’t Load Comments
It looks like there was a technical problem. Try reconnecting or refreshing the page.
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page