බොර තෙල් මිල පහත වැටේ
- News Room
- May 6
- 1 min read

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල දෙවන දිනටත් පහත වැටී තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.49කින් පහත වැටී ඩොලර් 108.29ක් ලෙස දැක්වුණා. ඩබ්ලිව් ටී අයි බොර තෙල් බැරලයක මිල ඩොලර් 1.43කින් පහත වැටී සටහන් වූයේ ඩොලර් 100.82ක් ලෙසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමග පවතින යුද්ධය සම්බන්ධයෙන් විටින් විට සිදු කරන ප්‍රකාශ මෙලෙස බොර තෙල් මිල වෙනස්වීමට හේතු වී තිබෙනවා.
ඉරානය සමග පවතින යුදමය තත්ත්වය නිමා කර කඩිනමින් සාම ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇතැයි ට්‍රම්ප් ජනාධිපතිරයා ඊයේ ප්‍රකාශ කර තිබෙනවා.




Comments