top of page

බෙලරුසියාව සහ යුක්‍රේනය දේශසීමා තරකෙරෙයි



බෙලරුසියාව සහ යුක්‍රේනය අතර දේශසීමාවේ හමුදා ශක්තිය තර කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ප්‍රකාශ කර ඇත්තේ යුක්‍රේන දේශසීමාව තුළ යුද හමුදා භටයින් එක්ලක්ෂ විසිදහසක් ස්ථාන ගත කර තිබෙන බවයි.

යුක්‍රේනයේ යුද ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර වශයෙන් සිය හමුදාවන් එම දේශසීමාවේ ස්ථානගත කිරීමට පියවර ගත් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ. බෙලරුසියාවේ වෘත්තීය හමුදාව 48,000ක් වන අතර දේශසීමා බළකාය භටයින් 12,000කින් පමණ සමන්විත බවයි පැවසෙන්නේ.

මේ වන විට යුක්‍රේන හමුදාව රුසියාව තුළට ගොස් හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය පුටින් බලාපොරොත්තු නොවූ ආක්‍රමණයක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page