බෙලිඇනයා මුහුදු ජීවින් පානදුර මුහුදු වෙරළට
- News Room
- Sep 11, 2024
- 1 min read

බෙලිඇනයා (Barnacle) මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටි බව පානදුර පොලිසිය පවසනවා. එම පොලිසියේ ජීවත ආරක්ෂක ඒකකය පවසන්නේ ඊයේ (10) දින මෙම ජීවීන් විශාල පිරිසක් දකින්නට ලැබුණු බවයි.
Anatifera විද්‍යාත්මක නාමයෙන් හදුන්වන එම මුහුදු ජීවින් මුහුදු ජලය අපවිත්‍ර වීමත් සමග වෙරළට පැමිණෙන බවයි වනජීවී නිළධාරින් සදහන් කරන්නේ.
එසේ පැමණී ජීවින් ලී කොට කිහිපයක රැදී සිටි බවත් එය දැක ගැනීමට වෙරළට අවට ජනතාව රැස්ව සිටි බවයි පොලිසිය පවසුවේ.
Commentaires