top of page

බැසිල් රටින් යයි



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) දින අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මෙම ගුවන් යානය වෙත පිවිසීම සදහා ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි " රන් මාවත " ( Gold Route ) පර්යන්තයේ පහසුකම ද ලබා ගෙන තිබෙනවා.

බැසිල් රාජපක්ෂ ඩුබායි නුවර වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇති අතර ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා මෙම ගුවන් ගමන් මාර්ගය යොදා ගන්නා බවත් කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම විදේශ සංචාරය ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අරමුණ ඇතිව ගොස් තිබෙනවා.

Kommentare


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page