මන්ත්‍රී දයාසිරිට විනය පරීක්ෂණයක්
- News Room
- Dec 17, 2024
- 1 min read

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකරට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක සඳහන් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුමින්ද දිසානායක මේ බව සඳහන් කළා.
Comments