top of page

මනූෂගේ සහෝදරයා රිමාන්ඩ්



හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා. ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහු​ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරු ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page